පලස්තීනය ආක‍්‍රමණය කිරීමෙන් පසුව ගතවන පනස්වන වසර මෙම නොවැ.29 වන දායින් උදාවේ. අල්ලාගත් පලස්තීන ප‍්‍රදේශවල කටයුතු කරන එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමේ නවතම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ඊශ‍්‍රායල ආක‍්‍රමණය පලස්තීන ජනතාවගේ සංවර්ධනයට බලවත්ම බාධාව බවට පත්වී ඇති බවයි.
නොවැ.29, පලස්තීන ජනතාව උදෙසා ජාත්‍යන්තර සහයෝගිතා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර 2017 වසරට වසර 40ක් සම්පූර්ණ වේ. දශක ගණනාවක් තිස්සේ පලස්තීන ජනතාවගේ ප‍්‍රශ්නය ජාත්‍යන්තර සංවිධානවල සාකච්ඡුාවට ලක් වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය යෝජනා මගින් සහ තවත් ආකාරයන්ගෙන් මැදිහත් වුවද ඊශ‍්‍රායලයේ පලස්තීන ජනතාවට එරෙහි ආක‍්‍රමණකාරී ප‍්‍රතිපත්තිය, තවදුරටත් යටත් කර ගැනීමේ ක‍්‍රියාමාර්ග, යුධ අපරාධ සහ සාමූහික ද`ඩුවම් ලබාදීම තවමත් නිමාකර නැත. එමගින් පලස්තීන ජනතාවට ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් භුක්තිවිඳීමට ඇති ඉඩකඩ අහෝසිකර දමා ඇති අතර ජාත්‍යන්තර හා කලාපීය සාමයට හා ආරක්‍ෂාවට බලවත් තර්ජනයක් මතුකර ඇත.
පලස්තීන ජනතාවගේ සහ පලස්තීන රාජ්‍යයේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවය පිළිගන්නා අප ජාත්‍යන්තර නීතිය, ජාත්‍යන්තර මානුෂීය නීති හා එක්සත් ජාතීන්ගේ සම්මතයන් උල්ලංඝනය කරමින් අල්ලාගත් ප‍්‍රදේශවල සිදුකරමින් පවතින ඊශ‍්‍රායල ජනපදකරණ ව්‍යාපාරයද එ් හා සම්බන්ධ සියලූ ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාමාර්ගද දැඩි ලෙස හෙලාදකිමු!
ඊශ‍්‍රායලය රාජ්‍ය ත‍්‍රස්තවාදය විසින් මේ වන විට පලස්තීන ජනතාවට එරෙහිව දියත්කර ඇති විවිධාකාරයේ ආක‍්‍රමණයන් ස්ථිර ලෙසම නවත්වා පලස්තීන ප‍්‍රශ්නයට සාධාරණ සහ අවසන් විසදුමක් ළඟාකර ගැනීමත් එක්සත් ජාතීන්ග් සංවිධානය තුළ පලස්තීන රාජ්‍යයට පූර්ණ සාමාජිකත්වය ලබාදීමට එරෙහි ක‍්‍රියාමාර්ග පරාජය කිරීමත් වෙනුවෙන් වූ පලස්තීන ජනතාවගේ සාධාරණ අරගලයට ජනතා විමුක්ති පෙරමුණ සිය උපරිම සහය පළකර සිටී. එසේම ඊශ‍්‍රායලයේ ආක‍්‍රමණකාරී ප‍්‍රතිපත්තිය අවසන් කෙරෙන, ස්වාධීන රාජ්‍යයන් දෙකක සාමකාමී පැවැත්ම තහවුරු කෙරෙන, නැගෙනහිර ජෙරුසෙලම අගනුවර කරගත් 1967ට පෙර තිබූ ප‍්‍රදේශද ඇතුළත් පලස්තීන රාජ්‍යය ස්ථාපිත කෙරෙන හා පලස්තීන සරණාගත ප‍්‍රශ්නයට ද විසඳුම් ලැබෙන අවසන් විසදුමක් වෙනුවෙන් පෙරට එන ලෙස ජනතා විමක්ති පෙරමුණ සියලූ ප‍්‍රගතිශීලී රාජ්‍යයන්ගෙන් ජාත්‍යන්තර සංවිධානවලින් සහ ප‍්‍රගතිශීලී සංවිධානවලින් සහ ප‍්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම නිදහස් පලස්තීන රාජ්‍යයක පැවැත්ම ශ‍්‍රී ලංකා රජය විසින් 1967 සිට පිළිගෙන ඇති අතර දිගුකාලීනව එම ප‍්‍රතිපත්තියේ පිහිටා කටයුතු කර ඇත. එසේ තිබියදී මෑතකදී යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් වූ නැගෙනහිර ජෙරුසෙලමේ පිහිටා ඇති, අති පෞරාණික සංස්කෘතික උරුමයක් වන අල් අක්ෂා සිද්ධස්ථානයට හානිවන අයුරින් කරන ඊශ‍්‍රායල් ආණ්ඩුවේ කටයුතු හෙළාදැකීමේ යෝජනාවට ශ‍්‍රී ලංකාව ඡුන්දය දීමෙන් වැළකී සිටීම ජවිපෙ ලෙස අපි හෙළාදකිමු. එමෙන්ම අධිරාජ්‍යවාදී බලපෑම් හමුවේ නිදහස් පලස්තීන ප‍්‍රතිපත්තිය අත්නොහරින ලෙසත් එසේ අත්හැරීම ම`ගින් ශ‍්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරු රාජ්‍යවල රාජතාන්ත‍්‍රික සහයෝගය අහිමි නොකර ගන්නා ලෙස අප ශ‍්‍රී ලංකා ආණ්ඩුවට දන්වා සිටිමු.
ජාත්‍යන්තර අංශය – ජනතා විමුක්ති පෙරමුණ
2016.11.28