JVP Srilanka

  • Home
  • News
  • Publications
    • eBooks
    • Niyamuwa
    • Senshakthi
    • Red Power
    • Vivarana
  • Interviews
  • PHOTOS
    • Press Conferences
    • Posters
    • 2016
  • About Us
    • A Brief History
    • History from 1965-1994
    • Our Leaders
  • Contact Us

ජනතා විමුක්ති පෙරමුණේ නත්තල් දින පණිවිඩය

December 25, 2016 nish

ලොව පුරා කිතුණු බැතිමතුන් විසින් මහත් භක්තියෙන් හා උත්සවශ‍්‍රීයෙන් සමරනු ලබන නත්තල දෙසැම්බර් 25 දිනට යෙදී තිබේ. සමස්ත ලෝකවාසී කිතුනු බැතිමතුන් සමඟ එක්ව නත්තල සමරනු ලබන ලාංකේය කිතුනු බැතිමතුන්ට ජනතා විමුක්ති පෙරමුණේ සුබපැතුම් එක් කරනු කැමැත්තෙමු.
ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ උපත ලද නත්තල් දිනය පොදුවේ හඳුන්වනු ලබන්නේ සාමයේ පණිවිඩය රැුගෙන ආ දිනය ලෙසිනි. වසර 30කට වැඩි කාලයක් ලේ ගලා ගිය බිමක වෙසෙන ලාංකේය ජනතාවට සාමයේ වටිනාකම අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. අසල්වැසියාට එහෙිව අවි අමෝරා ගනු වෙනුවට පේ‍්‍රමය, සහෝදරත්වය වැනි මානව ගුණාංගවලින් අසල්වැසියා සමග ගනුදෙනු කිරීමට උගන්වන උන් වහන්සේගේ චින්තනය අදට වටිනා පණිවිඩයකි.
ජේසුස් වහන්සේගේ ජීවිතයේ ඇති මහඟු ආදර්ශය වන්නේ පීඩාවට පත් වූවන්ගේ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම හා ඒ වෙනුවෙන් අරගල කිරීමයි. දුෂ්ට, ¥ෂිත පාලකයින්ට එරෙහිව නිදහස හා සාධාරණත්වයේ පදනම මත පිහිටා අරගල උන්වහන්සේ ලෝකවාසී ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළ සේක. උන්වහන්සේගේ ජීවිතය පූජනීය වූයේද එබැවිනි.
අද අවශ්‍යව ඇත්තේ උන්වහන්සේගේ දර්ශනය සහ ජීවිත ආදර්ශයන් උකහා ගත් මිනිසුන්ය. එදා ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේට සේම අද අපටද රටට බරක් වූ ජනතා විරෝධී පාලනයට එරෙහිව අරගලයක් ඇත. ක‍්‍රෑර පාලකයින්ගේ මර්දනය මැද කුරුසියේ ඇණ ගසද්දී තම දර්ශනය පාවා නොදුන් ජේසුස් වහන්සේ අපට අවධාරණය කරන්නේ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් වූ අරගලය අත්නොහැර ඒ වෙනුවෙන් වූ විශ්වාසය දරා සිටීමේ අවශ්‍යතාවයය.
2016 නත්තල යෙදෙන්නේ අනාගතය යහපත් බවට පත්කරගැනීම සඳහා වූ නව අධිෂ්ඨානයන් කුළුගන්වා ගැනීමේ නව වසරක් අභිමුවදීය. එකිනෙකා වෙත දයාවෙන් බැලිය හැකි සමගි සම්පන්න සමාජයක් කරාවූ ජය මාවත හෙළිකර ගැනීමට මේ නත්තලේදී ශ‍්‍රී ලාංකේය කිතුනු ජනතාව අධිෂ්ඨාන සහගත විය යුතුය. ඒ සඳහා තම ජීවිත අලූත් කර ගන්නා දිනය බවට මේ නත්තල පත්කර ගන්නා මෙන් අපි ලාංකේය කිතුනු බැතිමතුන්ගෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

අනුර දිසානායක
නායක
ජනතා විමුක්ති පෙරමුණ
2016.12.25

නිවේදන

Videos

Previous page
Next page

More News

IMF serves interests of global capital – Prof C.P. Chandrasekhar

August 18, 2023 By Nihal

[We publish here an interview carried out by ‘LEFT’ magazine with Prof C.P. Chandrasekhar as it has a timely significance at the current time. Prof C.P. Chandrasekhar, a Senior Research Fellow, was attached to the Centre for Economic Studies and Planning, Jawaharlal Nehru University, New Delhi, served as Visiting Senior Lecturer, School of Oriental and […]

© Copyright © 1999 - 2016 jvpsrilanka.com · All Rights Reserved ·