2016 වසර නිමා වී 2017 නව වසර උදාවී තිබේ. ගෙවුණු වසරවලින් පාඩම් උගෙන ජීවිතය අලූත්කර ගන්නා අවස්ථාවක් ලෙස බොහෝ දෙනා නව වසර සලකති. එබැවින් ගෙවුණු වසරවල අත්දැකීම්වලින් යමක් උගෙන ජීවිතය අලූතින් ආරම්භ කිරීමට, අලූතින් සිතීමට, අලූත් දේශපාලන තීරණ ගැනීමට අප සමත්නම් නිසැක ලෙසම නව වසර සැමට සුබ නව වසරක් වනු ඇත.
2017 නව වසර අප වෙත පැමිණ ඇත්තේ පැරණි වසරේ තිබූ අභියෝග එලෙසම රැුගෙනය. නව අභියෝගද සමගය. අගමැතිවරයාම වරක් පවසා තිබූ පරිදි ලංකාව ගිය වසර වනවිට රුපියල් බිලියන 10,500 ඉක්මවූ ණය කන්දරාවකට කරගසා සිටී. මේ වසරේදී එය වැඩිවනු මිස අඩුවන බවක් නොපෙනේ.
ණය අර්බුදය හා ලංකාවේ විදේශ වත්කම් බිඳවැටීම නිසා රුපියල කඩා වැටී ඇති අතර එය ජනතාව මත අමතර බරක් බවට පත්වේ. රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ආණ්ඩුව අනුගමනය කරන, පසුගිය අයවැයෙන් සම්මත වූ බදු හා දඩ තොගයක්ද ජනතාව මත කඩා වැටීමට නියමිතය. එසේම රටේ සම්පත් හා රාජ්‍ය ආයතන රැුසක් විකුණා දමන්නේද මේ වසරේය. අනෙක් අතට අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් කප්පාදුවටද ගොවි සහන කප්පාදුවටද ජනතාවට පීඩාවක් වනු ඇත. එලෙස සිතන විට නව වසර පොදු ජනතාවට අභියෝග රැුසක් රැුගෙනවිත් තිබේ.
ඒ අතර රට පුරා දිනපතා වැඩිවන රිය අනතුරු, දිවි නසාගැනීම්, මංකොල්ල කෑම්, අපරාධ හා පරිසර විනාශයන් විසින්ද පීඩාවට පත් කරනු ලබන්නේ පොදු ජනතාවමය.
සුපුරුදු ලෙස කරනු ලබන සුබපතා ගැනීම්ලින් පමණක් අලූත් අවුරුද්ද සුබ නොවනු ඇත්තේ මේ නිසාය. පසුගිය කාලයක් පුරා අලූත් අවුරුද්දේ ජනතාව එකිනෙකාට සුබ පතා ගත්තද ඒ කිසිම අවුරුද්දක් පොදු ජනතාවට සුබ වූයේ නැත.
එසේනම් ඉතිහාසයෙන් යමක් උගෙන 2017 නව වසර සැබෑ ලෙසම සුබ නව වසරක් කරගත යුතුය. ඒ සඳහා පැරණි යල්පැනගිය අදහස් හා සංකල්ප පැරණි වසරත් සමගම ඉවතලා නව වසරේ අලූතින් සිතිය යුතුය. එසේම රටත් ජනතාවත් සැම වසරකම ආගාධයට විපතට ඇද දැමූ පැරණි බංකොළොත් දේශපාලන ගමන් මග ඉවතලා නව දේශපාලන ගමන් මගකට නව දේශපාලන අත්හදා බැලීමකට සූදානම් විය යුතුය. ඒ සඳහා නව දේශපාලන ගමනකට එක්විය යුතුය. පැරණි දේශපාලන තීරණ වෙනස්කර නව වසරේ සිට නව දේශපාලන තීරණ ගැනීමට ජනතාව ධෛර්යය සම්පන්න විය යුතුය. පැරණි බංකොළොත් සමාජය වෙනුවට රට සැබෑ ජයග‍්‍රහණ කරා ගෙන යන නව ප‍්‍රභාශ්වර සමාජයක් ගොඩනගන නව දේශපාලන ගමනකට සියලූ දෙනා අවතීර්ණ විය යුතුය. ඒ සඳහා දැවැන්ත ජනතා බලයක් ජනතා මධ්‍යස්ථානයක් ගොඩනැගිය යුතුය. ඒ සඳහා විශ්වාසයෙන් යුතුව අත්වැල් බැඳගත යුතුය. නව වසර සුබ නව වසරක් වන්නේ එවිටය.
ඉදින් අලූත් අවුරුද්ද සැබැවින්ම සුබ අලූත් අවුරුද්දක් කර ගැනීමේ අදිටන සහිතව ඒ ලෙස කටයුතු කිරීම සඳහා ශී‍්‍ර ලංකාවාසි සියලූ දෙනාට 2017 නව වරස සුබ නව වසරක් වේවායි අපි සුබ පතමු.
දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2017.01.01